වව්චර් වෙනුවට රෙදි බෙදූ විදුහල්පතිනියට වැඩ වරදී‍

පාසල් සිසුන් සඳහා නිකුත් කර ඇති නිල ඇඳුම් වවුචර දරුවන් අතට පත් නොකර ඒ වෙනුවට දරුවන්ට වෙනත් ස්ථානයකින් ලබා ගත් නිල ඇඳුම් රෙදි බෙදා හැරීමට කටයුතු කළ මහනුවර බදුර්දීන් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිවරියගේ වැඩ තහනම් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන ලේකම්වරයා විසින් එම විදුහල්පතිවරියගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ මේ වන විට නිල ඇඳුම් වවුචර් දරුවන් අතට පත් කිරීමේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් කටයුතු කරන සහ වංචනික ක්‍රියාවන්හි නිරත වන විදුහල්පතිවරුන් සහ පුද්ගලයන් පිළිබඳව අමාත්‍යාංශයේ ක්ෂණික ඇමැතුම් අංකය වන 1988ට තොරතුරු වාර්තා වී ඇති බවත් ඒ ඔස්සේ අමාත්‍යාංශය පරීක්ෂණ දියත් කොට තිබෙන බවත්ය.

මේ වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන ආමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.