වෙබ් අඩවිවල වැඩිපුරම අපහාස මටයි

අන්තර්ජාල වෙබ් අඩවි හරහා සිදුකරන අශීලාචාර අවිනීත අපහාස කිරීම්වලට එරෙහිව නීතිමය පියවරගත යුතු යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

මෙම වෙබ් අඩවි හරහා ශ්‍රී ලංකාවේ දැනට වැඩිපුරම අපහාසයට ලක්‌වන පුද්ගලයා තමා බවත් එම වාර්තාව කඩන්නට වෙන කාටවත් නොහැකි බවත් ජනාධිපතිවරයා කීවේය.

දේශපාලනඥයන් ලෙස තමා වැනි අයට නින්දා අපහාස චරිත ඝාතන හොඳට හුරුපුරුදු වුවත් වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ වැනි අනෙකුත් ක්‍ෂේත්‍රවල වෘත්තිකයන්ට මෙය දරාගත නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා යහපත් මිනිසුන් අතරේ සිටින අයහපත් මිනිසුන් ටික දෙනා නිසා රටේ ජනතාවගේ නිදහස නැති වීමට ඉඩ දිය නොහැකි යෑයි කීවේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අදහස්‌ පළ කළේ ඊයේ (19 වැනිදා) හැඳල පෙගාසස්‌ රීµa හෝටලයේ පැවැති අධිකරණ සේවා නිලධාරීන්ගේ වාර්ෂික සම්මේලනයේදීය.