අභිෂේකා විමලවීරගේ පියා ජීවන ගමනින් සමුගනී

කලා ක්ෂේත්‍රයේ ගායිකාවක් වගේම නිවේදිකාවක් වෙන අභිෂේකා විමලවීරගේ පියා, ප්‍රවීණ කලාකරු සුනිල් විමලවීරයන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.ඔහුගේ අවසන් කටයුතු මේ මස 31 වනදා දින තලාහේන පොදු සුසාන භුමියේදි පැවැත්වීමට නියමිතයි.

මොහු ගීත ක්ෂේත්‍රයේ දශක ගණනාවක් පුරා රැඳී සිටින නිර්මාණකරුවෙක්.කැසට් ගීත පමණක් නොව චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයේ ඔහු ලියූ බොහෝ ගීත ජනප්‍රිය වුණා.


’හිරිපොද වැස්ස’ චිත්‍රපටයේ, ‘හිරිපොද වැස්ස වගේ’ යන ගීතය ද බෙහෙවින් ජනප්‍රිය ගීයකි.