සාරි අන්දද්දී වෙළෙඳ සේවකයා රහස් පෙදෙස අතගාලා

සංචාරයට පැමිණි සිටි කොරියන් ජාතික 24 හැවිරිදි තරුණියකගේ ඉල්ලීම පරිදි නුවරඑළිය නගරයේ රෙදි වෙළෙඳසලක් තුළදී සාරියක් අන්දවන අතරතුරේ ඇයගේ රහස් පෙදෙස අත ගෑවා යැයි කියන අයෙක් නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අතවරයට ලක්වූවා යැයි කියන කොරියන් තරුණිය 13 වැනිදා පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙසේ අත්අඩංගුවට ගැනීම සිදුවිය.

සිංහල සංස්කෘතියට අනුව තමන්ට සාරියක් ඇඳීමට ආසයි යනුවෙන් මෙම තරුණිය නගරයේ රෙදි වෙළෙඳසලකට ඇතුළුවී පවසා ඇත. පසුව එහි හිමිකරු විසින් එහි සේවකයකුට පවසා ඇත්තේ මෙම තරුණියට සාරියක් අන්දවන ලෙසයි.

ඒ අනුව වෙළෙඳසලේ රෙදි මාරුකරන කුටිය වෙත ඇය කැඳවාගෙන ගොස් සාරිය අන්දවන අතරතුරේ ඔහු හිතාමතාම මෙම තරුණියගේ රහස් පෙදෙස අත ගෑ බව තරුණිය පොලිසියට පවසා තිබිණි.

නුවරඑළිය පොලිසියේ මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සේනක ජයසිංහ මහතාගේ උපදෙස් මත පරීක්‍ෂණ සිදුකොට සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවරගෙන ඇත.