ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් දෙදෙනකුට රජයෙන් නඩු

‘ටොප් ටෙන්’ නමින් හඳුන්වමින් ආණ්ඩුවේ ඇමැතිවරුන්ට එරෙහිව අසත්‍ය චෝදනා නැගූ බව කියන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට එරෙහිව නඩු පැවරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ අසත්‍ය චෝදනා ගොනු කළැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකුට එරෙහිව මෙලෙස නඩු පැවරීමට තීරණය වී ඇත.

එමෙන්ම ‘ටොප් ටෙන්’ හරහා අසත්‍ය චෝදනා එල්ල කළ බව කියන සෙසු පිරිස් සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

‘ටොප් ටෙන්’ නාම‍ලේඛනය අනුව මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය රවි කරුණානායක, ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ විදේශ රැකියා කටයුතු ඇමැතිනී තලතා අතුකෝරාල යන මහත්ම මහත්මීන්ට චෝදනා නගා තිබේ.
නිමල කොඩිතුවක්කු