රත්නසිරි වික්‍රමනායක මහතාගේ අවසන් පාර්ලිමේන්තු ගමන

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ දේහය මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කර තිබෙනවා.
 
කොළඹ පෞද්ගලික මල් ශාලාවක අද උදෑසන තැන්පත් කර තිබූ දේහය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමෙන් පසු දේහය භාරගනු ලැබුවේ කථානායක කරූ ජයසූරිය ඇතුළු මන්ත්‍රීවරුන් විසින්.පසුව දේහය විශේෂයෙන් සකස් කළ පීඨිකාවක තැන්පත් කරනු ලැබුවා.

මෙම අවස්ථාවට විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද, එක්ව සිටින බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ දේහය අද පස්වරුවේ හොරණ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා.