සොයුරන් දෙදෙනා ඥාති සොයුරාගේ බිරිඳ දූෂණය කරලා

එකම පවුලේ සහෝදරයින් දෙදෙනකු තම ඥාති සහොදරයාගේ බිරිඳවන එක්දරු මවක් දුෂණය කිරීමේ සිද්ධියක් කුඩාඔය පොලිස් වසමෙන් වාර්තාවේ.

අතවරයට ලක්වූ කාන්තාව සිය දරුවා සමග නිවසේ සිටින විට ඉකුත් 21 දා උදේ නිවසට පැමිණ ඇති ඇයගේ පුරුෂයාගේ බාප්පාගේ පුතුන් දෙදෙනා අයියා සිටිනවාදැයි විමසා ඇත.ඔහු වැඩට ගිය බව ඇය පවසා තිබේ.

ඒක් අයකු ඇය ඇත සිටි දරුවා වඩාගෙන ඇත අනෙක් ඇය බිමට වතුර ඉල්ලා තිබේ.

කුස්සියට ඇය වතුර ගෙන ඒමට ගිය අවස්ථාවේදී පිටුපසින් ගොස් ඇති සුද්දා නමැති ඇය අගේ ගෙලට පිහියක් තබා මරණ බවට තර්ජනය කර අසල කාමරයට කැදවාගෙනගොස් දුෂණය කර ඇත.

ඔහු ගොස් දරුවා වඩාගැනීමෙන් අනතුරුව සුකිරියා නමැති අය පැමිණ නැවත ඇය දුෂණය කර තිබේ.

සිද්ධිය කිසිවෙකුට හෝ පැවසුවහොත් ඇය හා දරුවා මරාදමන බව පවසා අපරාධකරුවන් පලාගොස් තිබේ.

පසුව ඇයගේ සැමියා විසින් පොලිසියට පැමිණිලි කර ඇති අතර අපරාධකරුවන්  දෙදෙනා ප්‍රදේශයෙන් පලාගොස් ඇත.ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පොලීසය පරීක්ෂණ අරඹා තිබේ.අතවරයට ලක්වූ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර තිබේ.

(ඌව වෙල්ලස්ස විශේෂ ඩි.එස් ගුණතිලක)