අයෝමි ආයෙත් රඟපෑමට

අයෝමි ශානිකා වැර වෑයමෙන් ඉගෙන ගෙන ආයුර්වේද වෛද්‍යවරියක වුණා. ඊට පස්සේ ඇය තමන්ගේම වෛද්‍ය ආයතනයක් පටන් ගත්තනෙ නුවර. අනතුරුව අයෝමි මව් පදවියත් ලැබුවා. 

මේ හේතු කාරණා නිසා ඇයට ක්‍රම ක්‍රමයෙන් රංගන කටයුතු අමතක වෙලා යමින් තිබුණා. ඉඳලා හිටල නාට්‍යයක හිටියොත් මිසක ඇයව පසුගිය කාලේ රංගන ශිල්පිණියක විදිහට දැක්කේ නැති තරම්.

ඕන්න දැන් අයෝමිට හිතිලා ආයෙත් රඟපාන්න ඕනෑ කියලා. ඒ වගේම නිවේදනයට එකතු වන්නටත් ඇය ආසාවෙන් ඉන්නවා. අයෝමිගේ දැඩි හිතවතියක වන තරුෂි පෙරේරා විසින් අයෝමිව ළඟදී නාට්‍යයකට ගත්තා. ඊට පසුව ළඟදීම රූ ගැන්වෙන හාස්‍යෝත්පාදක ටෙලි සිතුවමක ප්‍රධාන චරිතයකට ඇයට කතා කරලලු තියෙන්නේ. මෙන්න මේ කරුණු කාරණා හින්ද අයෝමි ඉදිරියේදී රංගන ශිල්පිනියක විදිහට සෑහෙන්න කාර්යබහුලවීමට නියමිතයිලු.