සිංහයන් දබර කරද්දී දිවි ගලවා ගත් මීගවයා

සාගින්නේ සිටි සිංහයන් එකිනෙකා දබරකිරීම නිසා මී ගවයෙක්‌ දිවි ගලවා ගැනීමේ සිද්ධියක්‌ දකුණු අප්‍රිකාවේ කෘගර් වනෝද්‍යානයෙන් වාර්තා වේ.

මෙම සිංහයන් කණ්‌ඩායම මී ගවයා බිම පෙරලා ගැනීමෙන් පසු මී ගවයාගේ අයිතිය උදෙසා දබර වී තිබේ. එම අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත් මී ගවයා නැගිට පැන ගොස්‌ ඇත. සිංහයන්ගේ දබරය අවසන් වන විට බිම වැටී සිටි මී ගවයා අතුරුන් වී ඇති බව සිංහයන්ට වැටහී තිබේ.