2020 දී අගමැති චමල්

ශ්‍රී ලංකාවේ මීළඟ අගමැතිවරයා විය යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා බවත් එය 2020 වර්ෂයේදී පැවැත්වෙන මැතිවරණයේදී විය හැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයට දෙවරක් ඉදිරිපත් වීජනාධිපතිවරයා වුවහොත් ඉන්පසු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට නොහැකි බවත්, මේ නිසා 2020 වසරේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට හෝ මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත්විය නොහැකි බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

මේ නිසා 2020 වර්ෂයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුද යන්න පිළිබඳ දැන්ම කලබලවියයුතු නැතැයිද ඔහු පවසා සිටියේය.එසේම ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එක්ව ගමන් කිරීම හරහා එක්සත් ජාතික පක්ෂයට කිසිදු ජයග්‍රහණයක් හිමිනොවන බවයි.

මේ අනුව 2020 වසරේදී මෙරටේ බලය යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුවන බවද හෙතෙම පවසා සිටියේය.