ඩොලරය රු.152ට නගී

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලරයක අගය ඊයේ (22 දා) රුපියල් 152 දක්‌වා ඉහළ ගියේය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 152.12 ක්‌ දක්‌වා ඉහළ නැඟ තිබේ.

පසුගිය කාලය තුළ දිගින් දිගටම ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල පිරිහීමට ලක්‌විය.

බැංකු ආරංචි මාර්ග පවසන පරිදි බැංකුවලද ඇමරිකානු ඩොලර් හිඟයක්‌ පවතී. එහෙත් මුදල් ඇමැති රවි කරුණානායක මහතා පවසන්නේ බැංකුවල කිසිදු ඩොලර් හිඟයක්‌ නැති බවයි.