හයේ වරුසාවකින් මංගල ශතකය රැස් කල අසේල (Video)

සිම්බාබ්වේ පිළ සහ ශ්‍රී ලංකාව අතර හරාරේ නුවර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වූ ඊයේ ශ්‍රී ලංකාව සිය මුල් ඉනිම සඳහා ලකුණු 504ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 127ක් රැස් කළ අතර, එය ඔහුගේ දෙවන ටෙස්ට් ශතකයයි.

අසේල ගුණරත්න සිය මංගල ශතකය රැස් කිරීමට ඊයේ සමත් වූ අතර, ඔහු ලකුණු 116කට දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙසයි.

උපුල් තරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 79ක් රැස් කළා.