ට්‍රම්ප් ජනපති ලෙස පිළිගන්න බැහැ ලු – (VIDEO)

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට විරෝධය පළ කරමින් සහ ජනාධිපතිවරයා ලෙස නොපිලිගනිමින් එරට ප‍්‍රධාන නගර කිහිපයක විරෝධතා ආරම්භ වී තිබෙනවා.

නිව්යෝර්ක් නුවර උද්ඝෝෂණවල යෙදෙන පිරිස් ට‍්‍රම්ප් කුළුණ සහ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ නිවස පිහිටි ප‍්‍රදේශය ද වටලා ඇති බවයි රොයිටර් පුවත් සේවය පවසන්නේ.

චිකාගෝහි උද්ඝෝෂකයින් ට‍්‍රම්ප් ජාත්‍යන්තර හෝටලය සහ කුළුණ වටලා තිබෙනවා. පොලිස් නිලධාරීන් ඇතැම් මාර්ග වසා දැමීමට ද කටයුතු කර ඇති බවයි රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් කියා සිටියේ.

බොස්ටන්, සීටල්, පෝට්ලන්ඞ් යන ප‍්‍රදේශවල ද උද්ඝෝෂණ පැවැත්වෙනවා. සෙන්ප‍්‍රැන්සිස්කෝ, ලොස්ඇන්ජලීස්, ඕක්ලන්ඞ් හා කැලිෆෝනියාහි දී උද්ඝෝෂණ සංවිධාන කර ඇති බවයි රොයිටර් පුවත් සේවය කියා සිටියේ.

‘‘ට‍්‍රම්ප් එපා’’ ‘‘අමෙරිකාව ජාතිවාදී නැහැ’’ ‘‘ ට‍්‍රම්ප් මගේ ජනපති නොවේ’’ වැනි වැකි උද්ඝෝෂකයින්ගේ ප‍්‍රධාන සටන්පාඨ වී තිබෙනවා.