ඉන්දියා‍වේ NDTV නාලිකාවට විකාශ තහනමක්

NDTV
ඉන්දියාවේ ගුවන් හමුදා කඳවුරකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සමබර නොකොට ආවරණය කිරීමේ ‍චෝදනාවට ඉන්දියාවේ එන්.ඩී.ටී.වී නාලිකාවේ විකාශවල ගුවන් කාලය පැය 24 ක් තහනම් කර තිබේ.  ඒ අනුව නොවැම්බර් 09 වැනි දා පැය 24ක් එන්.ඩී.ටී.වී චැනලයේ ගුවන් ‍සේවා නවතිනු ඇත.

ජනවාරි මාසයේ දී පතන්කොට් ගුවන් හමුදා මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය ආවරණය කරමින් එන්.ඩී.ටී.වී හින්දි සේවාව මගින් යුධෝපාය පිළිබඳ සංවේදී කරුණු අනාවරණය කළ බව ඉන්දියාවේ තොරතුරු සහ ගුවන් විදුලි අමාත්‍යාංශය පවසයි.
එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරන රූපවාහිනි නාලිකාව එම ආවරණය සමබරව සිදු කළ බව සඳහන් කරන්නේය.

පාකිස්තානය මූලික ජයිස්-ඊ-මොහමඩ් කණ්ඩායම විසින් සිදු කළ බවට පැවසෙන එම ප්‍රහාරයේ දී ඉන්දියානු භටයින් හත් දෙනකු සහ ත්‍රස්තවාදීන් හය දෙනකු මරු මුවට පත් විය.

බි.බි.සී.