තිස්සගේ පෙත්සම කුණු කූඩයට

( Tissa Attanayake )
චෝදනා 03ක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ඇප ඉල්ලා මෝසමක් මගින් සිදුකළ ඉල්ලීම කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන හමුවේ මෙම මෝසම සලකා බැලූ අවස්ථාවේදීයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කූඨ ලේඛන සැකසීමේ ඇතුළු චෝදනා 03ක් යටතේ පසුගිය මස 19 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ දෙසැම්බර් මස 5 වනදා දක්වායි.