ලක්ෂපති තරගයේ දිනුම අබියසට ආ වැදි නායකයා (VIDEO)

වැදි නායකයා
සිරස රූපවාහිනී නාළිකාව ආරම්භ කළ "සිරස ලක්ෂපති" වැඩසටහන බොහෝ ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් රූපවාහිනී වැඩසටහනක්.

සාමාන්‍ය දැනීම සහ එදිනෙදා ජීවිතයේ හමුවෙන දෑ ඇසුරින් යොමු කරන ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දී මුදල් ත්‍යාග දිනා ගනිමින් ඉදිරියට යාම මෙම වැඩසටහනේ සිදුවෙනවා.මේවන තෙක් බොහෝ දෙනෙකු මෙම තරගය සඳහා ඉදිරිපත් වූ අතර වැඩසටහනේ ආරධනා ලැබ තරගයට පැමිණි විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින් ද වූවා.

මේ අතර එදා මෙදාතුර රියැලිටි වැඩසටහන් ඉතිහාසයේ සුවිශේෂී සළකුණක් තබමින් අපූර්ව චරිතයක් සිය "ලක්ෂපති" වැඩසටහනට කැඳවන්නට සිරස සමත් වුණා.

ඒ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලඇත්තන්.වඩාත් විශේෂ කාරණාව වූයේ තමන් වෙත යොමු වූ ප්‍රශ්ණවලට සාර්ථක ලෙස පිළිතුරු ලබා දෙමින් වන්නියලඇත්තන් මේවන විට වැඩසටහනේ ඉදිරියටම පැමිණ සිටීම යි.

ඔහු සහභාගී වූ "සිරස ලක්ෂපති" වැඩසටහනේ කොටසක් පහතින්