නොරොච්චෝ‍ලේ යථා තත්ත්වයට

නොරොච්ච‍ලේ ලක්විජය බලාගාරය
නොරොච්ච‍ලේ ලක්විජය බලාගාරයේ දැනට අක්‍රියව පවතින විදුලිජනක යන්ත්‍රයද අද (31) දිනයේදී යථා තත්ත්වයට පත්කළ හැකි යැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

අම්පාර දිස්ත්‍රික්කය සියයට 100ක් විදුලියනය කිරීමේ සහ එම දිස්ත්‍රික්කයේ විදුලි ජංගම සේවයට එක්වෙමින් ඊයේ (30) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය
.
නොරොච්ච‍ලේ ලක්විජය බලාගාරයේ විදුලිජනක යන්ත්‍ර තුනම ඉකුත්දා අක්‍රිය වූ අතර ඒ හේතුවෙන් විදුලි කප්පාදු කිරීමක්ද සිදුවිය. මේ වන විට ඉන් යන්ත්‍ර දෙකක් යථා තත්ත්වයට පත් කර ඇති අතර සෙසු යන්ත්‍රය මෙසේ අද දිනයේදී යථා තත්ත්වයට පත් කිරීමට නියමිතය.

ඒ අනුව අද සිට ලක්විජය බලාගාරයෙන් ජාතික විදුලි බල පද්ධතියට අද සිට නැවත මෙගාවොට් 900ක ධාරිතාවයක් එකතු කිරීමට හැකි වනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රෙමිලා ධර්මසිරි