ISIS නායකයාට වහ දීලා

isis නායක අබු බකර් -අල් - බග්දාදි ((Abu Bakr al- Baghdadi)) ගේ කෑම වේලට වස මුසු කර තිබීම හේතුවෙන් ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන පරිදි අබු බකර් අල් - බග්දාදිට අමතරව තවත් අණදෙන නිලධාරීන් තිදෙනකුද වස මුසු වූ ආහාර ගැනීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් සංවිධානයේම අති විශ්වසනීය පුද්ගලයන් විසින් පිසින ලද ආහාර වේලට වස මුසු වූයේ කෙසේ දැයි isis සංවිධානයේ අනෙකුත් නායකයන්ට සැක පහළ වී ඇත.
මේ වන විට සංවිධානයේ අභ්‍යන්තර අර්බුද මතුවී ඇති බවද වාර්තා වෙයි.

අබු බකර් අල් - බග්දාදි ඇතුළු පිරිසට මේ තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇත්තේ නිරිත දිගNineveh හි Be'aaj නම් දිස්ත්‍රික්කයේදීය.

අසාධ්‍ය තත්ත්වයේ පසුවන isis නායකයා ඇතුළු අණදෙන නිලධාරීන් තිදෙනා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෙනත් ප්‍රදේශයකට රැගෙන ගොස් ඇති බවත් ඒ කිනම් ප්‍රදේශයකට ද යන්න මෙතෙක් වාර්තා වී නැත. isis ත්‍රස්ත නායකයන්ගේ ආහාර වේලට වස මුසු කළ තැනැත්තන් සොයා ධ්ඉධ්ඉ ත්‍රස්ත සාමාජිකයන් මෙහෙයුමක්ද ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය අවධාරණය කරයි.