කෙල්ලට කැත වැඩක් කරපු චූන්පාන් මල්ලි

14 හැවිරිදි දැරියක් රවටා රැගෙන ගොස් දිනක් රඳවාගෙන සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ 18 හැවිරිදි චූන්පාන් වෙළෙන්දකු මෙම මස 10දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කළුතර වැඩබලන මහෙස්ත්‍රාත් සිරි පෙරේරා මහතා පසුගිය 3දා නියෝග කළේය.

බේරුවල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරිය පාසල් යන අතරතුර ඇයට පාන් - බනිස් දී මිතුරු වී දින 14ක ප්‍රේමයකින් පසු ඇය රවටා රැගෙන ගොස් දිනක් පෙම් සුව විඳි බේරුවල ප්‍රදේශයේම සැකකාර තරුණයකු මෙසේ රිමාන්ඩ් භාරයට පත්වූ අතර අතවරයට පත් දැරිය රෝහල් ගතකර ඇත.

චූන්පාන් නළාවේ හඬට දිනපතා පාරට පැන පාසල් ගිය දැරිය ආපසු නොපැමිණීම නිසා මවුපියන් බේරුවල පොලිසියට පැමිණිලි කර ඇත. මේ අනුව සිදුකළ හදිසි වැටලීමකදී චූන්පාන් අලෙවි කරමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර දැරිය සොයාගෙන ඇත.
මේ පිළිබඳව බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක දුමින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත පරීක්‍ෂණ පවත්වයි.