අපේ ආච්චි පණ අදිනවා - Facebook Post

අද සමාජයේ ඉන්න හුඟක් අය හුස්ම ගන්න මැෂින් වගේ. අපි එහෙම කියන්නේ අද තාක්ෂණය ජීවිතේ හැමදේටම වඩා මිනිස්සුන්ට සමීප වෙලා තියෙන නිසා.ඒ අතරින් ෆේස්බුක් කියන දේ ලොකු කුඩා හැමෝම වගේ භාවිත කරන දෙයක්. කන්න ගියත්, නිදාගන්න ගියත්, ඔෆිස් එකේදි, වාහනයක් පදවන වෙලාවේ වගේ හැම වෙලාවකදිම මුහුණුපොතේ සැරිසරන අය ඕනේ තරම් දැකලා තියෙනවා.

අම්මා, තාත්තා, දුව, පුතා වගේම හැම බැඳීමක්ම දෙවැනි තැනට වැටෙන තත්ත්වෙට මේ තාක්ෂණය නිසා මිනිස්සු අද පත්වෙලා තියෙනවා.සම්බන්ධකම්, හැඟීම්, දුක, සතුට හැමදේම බෙදාගන්න භාවිත කරන්නේ මුහුණුපොත.

මේ නිසා ජීවිත නැතිවෙනවා වගේම කොයිතරම්නම් බැඳීම් සම්බන්ධකම් දුරස් කරන සිද්ධි අපිට අහන්න දකින්න ලැබෙනවද..?ඒ වගේම සමහර දේවල් විහිළුවක් වෙන තත්ත්වෙටම පත්වෙලා.

ඒකට කදිම උදාහරණයක් අපිට මුහුණුපොතේ තිබිලා හමුවුණා.ඒ තමයි තමන්ගේ ආච්චි ඇඳක නිදාගන ඉද්දි ඡායාරූපයක් අරගෙන " අපේ ආච්චි පණ අදිනවා" කියලා සටහනක් තබලා ඒක ෆේස්බුක් දාලා.

අද සමාජය පිරිහිලා තියෙන තත්ත්වය එතනින්ම අපිට වැටහෙනවා.මිනිස්සු මේ තාක්ෂණය නිසා කොයිතරම්නම් පිරිහිලාද..?තාක්ෂණයත්, දියුණවත් එක්ක අපි ඉස්සරහට යන්නම ඕනේ.ඒත් ඒ ඉදිරියට යන ගමනෙදි මනුස්සකම වගේම හැදියාව කියන දේත් අරගෙන යන්න ඕනේ කියන එක අපි කාටත් මතක් කරලා දෙන්න කැමතියි.