මහින්දගෙ අලුත් පක්ෂෙන් ඕෂධී පාර්ලිමේන්තු යනවලු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයගෙ අලුත් දේශපාලන ව්‍යාපාරෙ එතුමාගෙ උපන්දිනේ දවසෙ, ඒ කියන්නෙ නොවැම්බර් 18 වැනි දා කලඑළි බහිනවානේ.

අපිට ආරංචි වුණ විදිහට නම් ඔය දවස එනකල් ඕෂධී හේවාමද්දුම ඇඟිලි ගණිනවලු. ඒ වෙන මොකකටවත් නෙමෙයි, මහින්දගෙ අලුත් දේශපාලන ව්‍යාපාරයේ පිහිටෙන් නමෝවිත්තියෙන්ම ගොඩයන්න.

ඕෂධී කියන විදිහට ඊළඟ මහ මැතිවරණයට මහින්ද පිලෙන් එයා තරග කරනවලු. කතා දෙකක් නෑ ආයෙ එකෙන්ම පාර්ලිමේන්තුවටත් යනවලු. පාර්ලිමේන්තු යන්නෙ බලලා එන්න නෙමෙයි, මන්ත්‍රීවරියක් වෙන්නලු. ඒකට දැන්ම ඉඳන්ම ඕෂධී සූදානම් වෙනවලු.

කොහොමත් ඉතිං හුළඟක් ආවම ගහගෙන යනවාම තමයි. ඒත් ඉතිං බැරි වෙලාවත් හුළං ගියොත් තමයි වැඬේ. එහෙම වුණොත් නැති වෙන්නෙ ඔය තියෙන හැඬේ.