මහ බැංකුවේ ආරක්‍ෂාවට ප්‍රබල ඇමැති බෑනා කෙනෙක්‌

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරක්‍ෂක සේවය සඳහා රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ බෑනා කෙනකුගේ සමාගමක්‌ අයෑදුම්පත් යොමු කර ඇත.

පසුගිය රජය සමයේදී මෙම බෑනා සම්බන්ධව නිතර මාධ්‍යයේ පළවුණු අතර ඔහුට විරුද්ධව නඩු කිහිපයක්‌ ද විභාගයට ගැනිණි.

අදාළ අයෑදුම්පත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ සහාය ලබා ගැනීමට ද කටයුතු කොට ඇති මෙම බෑනා එම ඇමැතිවරයා හරහා මහ බැංකු අධිපතිවරයා වෙත අමාත්‍යාංශ ශීර්ෂය යටතේ ලිපියක්‌ ද යොමු කොට ඇත.

ඒ අනුව අසවල් ඇමැතිවරයාගේ බෑනා වන මොහුගේ සමාගමට මහ බැංකුවේ ආරක්‍ෂක කටයුතු පවරන ලෙසට ඉහත ලිපියෙන් ප්‍රබල ඇමැතිවරයා නිර්දේශ කර ඇතැයි ද වාර්තා වේ.