සරත් කුමාර ගුණරත්න රිමාන්ඩ්

සරත් කුමාර ගුණරත්න
අද උදැසන අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න නොවැම්බර් මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත‍්‍රාත්වරයා නියෝගකර ඇතැයි වාර්තා වේ.

ඉකුත් 2002 වසරේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. කෙසේ වෙතත් නඩුව විභාග වී තිබෙන්නේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාරගේ සහයකයා පැදවූ රියෙහි ගැටීමෙන් එම පුද්ගලයා මියගිය බව පවසමින්.

එහෙත් ඉකුත් දා අදාළ නඩුව සම්බන්ධයෙන් පොලිසියට තවත් පාර්ශවයක් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. ඒ, අදාළ අනතුර සිදුකර ඇත්තේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න විසින් බව පවසමින්.

ඊට අදාළව ඔහු අද (24) පෙරවරුවේ නීතිඥවරයෙකු මගින් මීගමුව පොලිසියට භාර වී තිබෙනවා.