සජිත්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

සජිත් ප්‍රේමදාස ඇමතිවරයා දේශපාලන රැකියා ලබාදීම සම්බන්ධයෙන් මේ දිනවල අන්තර්ජාලය තුළ හුවමාරු වෙන වීඩියෝ පටය සම්බන්ධයෙන් අද දින සමාජවාදී තරුණ සංගමය අද (24) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එහි අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා,

"අපි අද දවසේ අල්ලස් හා දූෂණ විමර්ෂණ ඒකකයට පැමිණියේ නිවාස හා ඉදිකිරීම් ආමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇමතිතුමා රජයේ රැකියා ලබාදීම පිළිබඳව වීඩියෝ එකක් අන්තර් ජාලය තුළ මෙහොහොත වෙද්දී හුවමාරුවෙමින් තිඛෙන අවස්ථාවක. මේ පිළිබඳව සමාජවාදී තරුණ සංගමය විදිහට අධ්‍යයනය කරද්දි ගැටලූ කිහිපයක් මතුවෙනවා. අපි දන්නවා අපේ රටේ ලක‍ෂ 35කට වඩා වැඩි පිරිසක් විරැකියාවෙන් පෙලෙනවා. ඒ නිසා ඒ දුප්පත් අම්මලා තාත්තලාගේ දුවලා පුතාලගේ තිඛෙන වේදනාව මේ ඇමතිවරයා පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මේක තුළ පැහැදිලි ලෙස තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් අල්ලස් ලබාදීමක් සිදුවෙලා තියෙනවා. පළමු කාරනය තමයි සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා ප්‍රකාශ කරනවා තමන්ගේ අමාත්‍යංශවල තිබෙන රැකියා තමන් තමයි දෙනේනේ, ඒ වගේම අනිත් අමාත්‍යාංශවල ඉන්න ඇමතිවරු ඒ අයට කැමති පරිදි රැකියා ලබා දෙනවා කියලා. අනිත් ප්‍රශ්නය තමයි මේක තුළ පැහැදිලිව සඳහන් වෙනවා, රැකියා ලබාදීම සිදුකරනු ලබන්නේ පෝලිම් බූත්, රැස්වීම්, කවුන්ටින් ගිය අයට පමණයි කියලා. ඒවගේම මෙහි මුදල් ක්‍රියාවලියක් ගැන සඳහන් වෙනවා. ඒ නිසා පැහැදිලි ලෙස මුදල් ගනුදෙනුදෙනුවක් සිදු වෙලා තියෙනවා. ඒවගේම සජිත් ඇමතිතුමා අලූත් ඉන්ටවිව් ක්‍රමවේදයක් හඳුනාගෙන තියෙනවා, සියඹලා ගස් යට ඉන්ටවිව් ලබාදීම. ඒවගේම උස අයට සිකියුරිටි දෙන්නත් මිටි අයට කම්කරු රස්සාව දෙන්නත් ඔහු තීන්දු කරලා තියෙනවා. ඒ නිසා අපි දන්න විදිහට ගත්තොත් මේ රටේ මූලික නීතියට අනුව රජයේ ඇමතිවරයෙකුට මන්ත්‍රීවරයෙකුට කිසිකෙනෙකුට රස්සා ලබාදීම විතරක් නෙවෙයි අඩුම තරමේ ඉන්ටවිව් බෝර්ඩ් එකටවත් වාඩිවෙන්න බෑ. ඒ නිසා පැහැදලිව මෙය උල්ලංගණය කරලා තියෙනවා. අපිට ආරංචි සජිත් ඇමතිවරයා මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා ඔහු රැකියා ලබාදුන්නු බවට. ඒවගේ මේ රැකියා ලබාදීම සිදුකරලා තියෙන්නේ පුද්ගලිකව තමන්ට හම්බවුණු දේවල් කියලා. මේක තුළ අනිවාර්යයෙන් ඔප්පු වෙනවා ඔහු මේ දේ කළා කියන එක.

“දෙවැනි කාරණය තමයි අපිට කිසි ප්‍රශ්නයක් නෑ සජිත් ඇමතිවරයා තමන්ගේ වලව්වට, තමන්ගෙ බංගලාවට, තමන්ගේ හෝටල්වලට තමන්ගේ වතුවලට රැකියා දීම සම්බන්ධයෙන්. අපි දන්නෑ රජයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සජිත් ඇමතිවරයාගේ බංගලාව කරගත්තේ කොහොමද කියලා. ඒ නිසා සමාජවාදී තරුණ සංගමය විදිහට අල්ලස් හා දූෂණා කොමිසමට අද අපි මේ පැමිණිල්ල භාර දුන්නා. ඒවගේම ඊට අදාල වීඩියෝ පටත් සාක්ක‍ෂිත් ලබාදුන්නා. අපි බලා පොරොත්තු වෙනවා අල්ලස් හා දුෂණ කොමිසම් සභාවෙන්, මේක රජයේ ප්‍රබල ඇමතිවරයෙක්ට කරන පැමිණිල්ලක් නිසා ඉතාමත් ඉක්මනින් විමර්ෂණයට ගනියි කියලා. ඒවගේම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක‍ෂයේ නියෝජ්‍ය නායකයා වන සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට පක‍ෂය විදිහට මේ පිළිබඳව කරන මැදිහත්වීම ගැන අපි බලා සිටිනවා." යැයි හෙතෙම වැඩිදුරටත් පැවසී ය.