මුදල් ඇමැති නමින් ෆේස්බුක් හිටිය පුද්ගලයා දැලේ

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නමින් ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන ගිය පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍ෙම්න්තුව මඟින් ඊයේ (20) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය. මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් මත කළ පැමිණිල්ලකට අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගැනිණි. 

මෙසේ අත්අඩංගුවට ගැනුණේ අංක 33, බලන්ගොඩ පාර, පැල්මඩුල්ල යන ලිපිනයේ පදිංචි ඩී. එම්. ආර්. සාගර දියගම නමැති 33 හැවිරිදි පුද්ගලයෙකි. පැය කිහිපයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකරු කොටුව අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී. ඩබ්ලිව්. ආර්. බී. සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මකයි.