එජාපය බැඳුම්කර වංචාව සැඟවීමේ උත්සාහයක!

බැඳුම්කර වංචාව
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යටතේ සිදුකළ කුප්‍රකට බැඳුම්කර වංචාව සැඟවීමේ අසාර්ථක උත්සාහයක එක්සත් ජාතික පක්ෂය නිරත වෙමින් සිටින බව වාර්තා වේ.

කෝප් කමිටුව විසින් සිදුකළ විමර්ශන වර්තාව එම කමිටුවේ සාමාජිකයින් බහුතරයකගේ එකඟතාවයෙන් පසුගියදා සම්මත කරගනු ලැබීමෙන් පසුව එජාපය මෙම උත්සාහයේ නිරත වෙමින් සිටින බව පැවැසේ.
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යටතේ සිදුකළ බැඳුම්කර වෙන්දේසි දෙකක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනය කිරීමෙන් අනතුරුව එම වාර්තාව මේ සතිය තුළදී පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතය.

එසේ තිබියදී එම වාර්තාවට සම්පූර්ණ පටහැනි වාර්තාවක් සකස් කරමින් හිටපු මහබැංකු අධිපතිවරයා බැඳුම්කර වංචාවෙන් ගලවා ගැනීම එජාපයේ උත්සාහය වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ. මේ සඳහා කෝප් කමිටුව නියෝජනය කරන එජාප මන්ත්‍රී කණ්ඩායමට අමතරව එජාපයේ ප්‍රබලයින් රැසක්ද කටයුතු කරමින් සිටින බව අනාවරණය වේ.