පොලිසියට වෙඩි තැබීමට අයිතියක් නෑ

පොලිස්
පොලිස් අණ නොතකා කිසියම් ධාවනය කරන වාහනයකට වෙඩි තැබීමට පොලිසියට බලයක් නැති බවත්, වෙඩි තැබීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවත් ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පවසයි.

පොලීසිය වාහනයක් නවත්වන ලෙස අණ කළ විට නතර කිරීම සෑම රියදුරෙකුගේම වගකීමක් වුවත් එසේ නොවන අවස්ථාවක ලුහුබැඳ ගොස් අත් අඩංගුවට ගැනීම හෝ ඊළඟ මුරපොලට දැනුම් දීම කළ යුතු බවත්, වෙඩි තැබීම නීති විරෝධී බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

පසුගියදා යාපනයේ පොලිස් වෙඩි තැබීමකින් විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු මිය යෑමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව පවසා තිබේ.