කවීෂාගේ දේහය බොරැල්ලට රැගෙන එයි


රංගන ශිල්පිනී කවීෂා අයේෂානි ඊයේ උදෑසන සිදුවූ රිය අනතුරකින් ජීවිතය හැරගියා.පසුව කළුබෝවිල රෝහලේ ඇයගේ දේහය තැන්පත් කර තිබූ අතර මේ වනවිට කවීෂාගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

කවීෂාට අවසන් ගෞරව දැක්වීම සඳහා අද උදෑසන 8.30 සිට සවස 6.00 දක්වා කවීෂාගේ දේහය එහි තැන්පත් කර තැබෙන බවයි පවුලේ ඥාතියෙක් අපවෙත පැවසුවේ.ඉන් පසුව කිරිඳිවැල පිහිටි කවීෂානේ නිවස වෙත දේහය රැගෙන යන අතර 19 වැනි බ්‍රහස්පතින්දා කවීෂාගේ අවසන් කටයුතු සිදුකරන බවයි වාර්තා වුණේ.