අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉවත් වෙයි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තිබේ.

අදාළ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත යොමු කල බව කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු ත්‍රිවිද හමුදාපතිවරුන් පරීක්ෂණවලට අදාළව තමන්ට නොදන්වා අධිකරණයට ගෙනයාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් මාධ්‍ය මගින් දිගින් දිගටම අනාවරණය කරන ලදී.

ඒ අනූව ඇයගේ එම ඉල්ලා අස්වීමට මෙය ආසන්නතම හේතුවක් විය හැකි යැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.