බිරිය කාමරයක සිරකර සැමියා තහනම් පෙමක

 තහනම් පෙම
නාඋල පොලිස් ස්ථානයට යාබද ගම්මානයක පුද්ගලයකු සිය නීත්‍යනුකූල බිරිය කාමරයක සිරකර කලක් තිස්සේ වෙනත් කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පැවැත්වීමේ සිද්ධියක් ගැන නාඋල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

බිරිය විසින් නාඋල පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් අනුව මේ පරීක්ෂණය පැවැත්වෙයි.

පැමිණිල්ලේ සටහන් ආකාරයට සිය සැමියා කලක් තිස්සේ අනියම් කාන්තාවක් සමඟ ඇසුරක් පවත්වන බවත් නිවෙසේ දිනපතා කටයුතු සාමාන්‍ය පරිදි තමන් ඉටු කරන බවත් අනියම් කාන්තාව නිවෙසට පැමිණි පසු තමා නිවෙසේ කාමරයට දමා අගුලු දමා අනියම් කාන්තාව සමඟ සැමියා ඇසුරක් පවත්වන බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

කලක් තිස්සේ සිදුවන මේ ක්‍රියාව නිසා තමන් ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් ඇය පොලිසියේදී සඳහන් කර තිබේ.
පැමිණිල්ලට අදාළව සැමියා සහ බිරිය පොලිසියට කැඳවා අවවාද කර ඇති අතර එහිදී බිරිය සඳහන් කර ඇත්තේ 'මම ඉන්නේ ගෙදර වළං පිඟන් හෝදන්න විතරයි. මේ මනුස්සයා අනෙක් වැඩ කරගන්නේ හොර ගෑනිගෙන්' යනුවෙනි.