අද රටේ සෘජු නායකත්වයක්‌ නෑ

ගෝඨාභය රාජපක්‍ෂ
අද මේ රටේ තීන්දු තීරණ ගැනීමේදී සෘජු නායකත්වයක්‌ නොතිබෙන තත්ත්වයක්‌ දක්‌නට ලැබෙන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

ඇතැම් තීරණ ගැනීමේදී එළහරකයි මී හරකයි වගේ දෙපැත්තට අදින තත්ත්වයක්‌ දක්‌නට තිබෙන බවද මේ රජය තුළ කිසිම පුද්ගලයකු කැපවීමෙන් වැඩකරන තත්ත්වයක්‌ පෙනෙන්නට නොතිබෙන බවද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

අවුරුදු දෙකක්‌ ගතවී ඇතත් රටේ කිසිදෙයක්‌ නොවන බව ජනතාව චෝදනා කරන බවත් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

රාජපක්‍ෂ මහතා මේ කරුණු ප්‍රකාශ කළේ අනුරාධපුර වියත්මග සංවිධානය කර තිබූ විද්වත් සම්මන්ත්‍රණයකදීය.

මෙම සම්මන්ත්‍රණය අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ හෝටලයේදී පැවැත්විණි.