විදුලි වාහන ආරෝපණය කිරීම සඳහා නව ගාස්තු ක‍්‍රමයක්

විදුලි වාහන ආරෝපණය
විදුලි වාහන ආරෝපණය කිරීම සඳහා නව ගාස්තු ක‍්‍රමයක් සහ ඒ සඳහා ඉලෙක්ට්‍රෝනික කාඞ් පතක් හඳුන්වාදීම,පසුගියදා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැලණිතිස්ස විදුලි බලාගාර පරිශ‍්‍රයේදී සිදුකෙරිණි.

මෙමගින් කාර්යභහුල සහ කාර්යභහුල නොවන යන අවස්ථා දෙකේදීම විදුලි වාහන හිමිකරුවන්ට අපහසුවකින් තොරව අවම මිලක් යටතේ සිය වාහන ආරෝපණය කරගැනීමට පහසු මෙන්ම සරල ක‍්‍රියාදාමයක් හඳුන්වාදී තිබේ.
මේ සඳහා නව ඉලෙට්‍රෝනික කාඞ් පතක් හඳුන්වාදුන් අමාත්‍ය සියඹලාපිටිය මහතා පවසා සිටියේ විදුලි වාහන හිමිකරුවන්ට මේ ආකාරයෙන් වඩාත් පහසු සරල මෙන්ම අවම අය ක‍්‍රමයක් හදුන්වාදීම මගින් ජනතාව විදුලි වාහන භාවිතය වෙත යොමුකිරීම වඩාත් පහසු බවයි. එය බලශක්ති සංරක්ෂණය ඉන්ධන වෙනුවෙන්වන ආනයන වියදම් අවම කිරීම මෙන්ම පරිසර ඳුෂණය අවම කිරීම සඳහාද වඩාත් උචිත ක‍්‍රියාදාමයක් වනුඇතැයි අමාතය සියඹලාපිටිය මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය මගින් විදුලි වාහන ආරෝපණය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද නව අය ක‍්‍රමය පහත පරිදි වේ.


ආරෝපණ මධ්‍යස්ථාන මගින් අධිවේගී ආරෝපණය යටතේ විදුලි වාහන ආරෝපණය කරගත හැකි නමුත් වඩාත් යෝග්‍ය වනුයේ හැකි සෑම අවස්ථාවකම නිවසේ හෝ කාර්යාලයේදී සාමාන්‍ය ආරෝපණ ක‍්‍රමවේදය බාවිත කිරීම බව ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වාදෙයි”