කෘෂි කර්මාන්තය සදහා අඩු මිළට විදුලිය

කෘෂි කාර්මික කටයුතු වලදී වතුර පොම්ප කිරිම සදහා රාත‍්‍රි 10 සිට පෙරවරු 6 දක්වා අඩු මිළට විදුලිය සැපයීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ දින (17) බදුල්ලේ පැවති ජාතික විදුලි ජංගම සේවයට එක් වෙමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ අමාත්‍යවරයා,


අපි කෘෂි කර්මාන්තය නගාසිටුවීමට කටයුතු කරන අතරේ ලබන මාසේ (01) වෙනිදා සිට කෘෂි කර්මාන්තය සදහා මෙම නව ගාස්තු ක‍්‍රමය හදුන්වා දෙනවා. රාත‍්‍රි 10 සිට පෙරවරු 6 දක්වා කාලයේදී විදුලිබල මණ්ඩලයේ විදුලි නිෂ්පාදන වියදම අඩුයි. ඒ වාසිය අපි ගොවියාට ලබා දෙනවා. මෙහි පළමු වැඩසටහන අපි ආරම්භ කරන්නේ යාපනය දිස්ත‍්‍රිකයෙන්.

මෙම ජංගම සේවයට සමගාමීව බදුල්ල දිස්ත‍්‍රිකයට විදුලිය 100‍%ක් ලබාදීම සිදුකල අතර "සූර්යබල සංග‍්‍රාමය" යටතේ මුතියංගන රජමහා විහාරයට සූර්ය කෝෂ පද්ධතියක් පූජා කිරීම ද සිදුකෙරුනි.

මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල, අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සහ ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මැති ඇමතිවරු සහභාගිවිය.