පොලිස් සිර මැදිරිවලට CCTV කැමරා

දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල සිර මැදිරි වලට සී.සී.ටී.වී කැමරා සවිකිරීමට පියවර ගන්නා ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පති වරයාට නියෝග කර තිබේ.

පොලිස් සිර මැදිරි තුළ සැකකරුවන් විවිධ ආකාරයේන් මිය යෑම සම්බන්ධව දිගින් දිගටම පොලිසියට චෝදනා එල්ලවීම සම්බන්ධයෙන් පොලිසියේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීම සඳහා මෙසේ සීසීටීවී කැමරා පොලිස් සිර මැදිරි වලට සවී කිරීමට තීරණය කර තිබේ.

පුස්සැල්ලාව සිර මැදිරියක සිට සැකකරුවෙකු මිය යාම සම්බන්ධව පොලිසියට චෝදනා එල්ල වෙමින් පවතී. පොලිසිය තුළ සිදුවන කටයුතු සීසීටීවී කැමරා සවි කිරීම තුළින් ඒ අාකාරයෙන්ම අපක්ෂ පාතීව සියලු දෙනාටම දැනගැනීමට හැකිවීම සිදුවනු ඇත.