සනත් ආයෙමත් ඉස්කොලේ යයි

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසුරිය මහතා නැවත සිය පාසලට ගිය පුවතක් මාතරින් වාර්තා වේ.

ඒ Back to school නැමැති වැඩසටහන සඳහායි.

මාතර සර්වේසස් විදුහලේ ආදි සිසුවෙකු වෙන වත්මන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා එම විදුහලේ ආදි සිසුන් විසින් සංවිධානය කර තිබුණි.

මාතර සර්වේසස් විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කළ සුපිරිතම ක්‍රීඩකයා සනත් වෙන අතර 1996 වසරේ එක්දින ලෝක කුසලානය දිනාගත් තරගාවලියේදී ඔහු තරගාවලියේ වීරයා බවටත පත්විය.