විග්නේශ්වරන්ට එරෙහිව ආණ්ඩුව දැඩි තීන්දුවකට

උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා දෙමළ ජනතාවට වැරදි ආකල්පයක් දක්වමින් ගෙන යන ක්‍රියාකලාපය පිළිබඳව මෙරට තානාපති ප්‍රජාව දැනුවත් කිරීමට රජය තීරණය කර තිබේ.

යාපනය ඇතුළු උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ තුළ ජීවත් වන ජනතාවගේ නිවාස, අධ්‍යාපන ආදී පහසුකම් යළි ගොඩනැංවීම වෙනුවෙන් රජය විශාල කාර්යභාරයක් කරගෙන යද්දී උතුරු පළාත් මහ ඇමැතිවරයා ක්‍රියාකරන ආකාරයෙන් දකුණේ අන්තවාදීන්ට විශාල උත්තේජනයක් ලැබෙන බවට රජයේ උපදේශකයන් දුන් උපදෙස් අනුව රජය මෙම තීරණය ගෙන ඇත.

මේ අතර විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ද සහභාගි කරගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට රජය ක්‍රියා කරද්දී උතුරු පළාත් මහ ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය ද්‍රවිඩ ජාතික සන්ධානයේ ද දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාගේ දේශපාලන න්‍යාය පත්‍රය දකුණේ ජාතිවාදී කණ්ඩායමක අවශ්‍යතාවය අනුව බවට මතෛක් සොයාගත් වාර්තා සම්බන්ධයෙන්ද රජය තානාපති ප්‍රජාව දැනුම්වත් කරනු ඇත.

ලසන්ත වීරකුලසූරිය