මරණ දඩුවම් තීන්දුවට එරෙහිව දුමින්දගෙන් අභියාචනයක්

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවට අදාළව විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල ලබාදුන් තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නිතිඥ අනූජ ප්‍රේමරත්න මහතා පවසයි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතන නඩුවට අදාළව තීන්දුව මහාධිකරණයේදී ප්‍රකාශයට පත්කළ අතර එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කළේය.

"එක් විනිශ්චකරුවෙකුගේ තීන්දුව වූයේ සියලුම පුද්ගලයන් නිදොස් කොට නිදහස් කරන්න. එක් විනිශ්චකාරවරියක් තීන්දුව දුන්නේ සමහර විත්තිකරුවන් සමහර චෝදනාවලට වරදකරු කරලා. ඒ විනිශ්චකාරවරිය සමග තවත් විනිශ්චකාරවරයෙක් එකඟ වුණා. නමුත් ඒ තීන්දුවෙන් විත්තිකරුවන් අතෘප්තියට පත් වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපිට තියෙන ඊළග නීත්‍යානුකූල පියවර වන්නේ ඇපෑලක් ඉදිරිපත් කිරීමයි. අපි ඒ ඇපෑල ඉදිරිපත් කරනවා නොබෝ දිනකින්” යැයි පැවැසීය.