එජාපය පුංචි ඡන්දයට තනිවම

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තනිව තරග කිරීමට කටයුතු කරන බව පක්ෂ මහ ‍ලේකම් අමාත්‍ය කබිර් හෂීම් මහතා පැවසීය.පළාත් පාලන ඡන්දය සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් ඒ සඳහා නාමයෝජනා කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වන බවත් මහ ‍ලේකම්වරයා අවධාරණ්‍ය කළේය.

පෙර මැතිවරණවලදී එක්සත් ජාතික පෙරමුණෙන් තරග වැදුණු කිසිදු දේශපාලන පක්ෂයක් සමග ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරග වදින බවට පක්ෂය කිසිදු තීරණයක් ගෙන නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.