නව ගුවන් හමුදාපති කපිල ජයම්පති

එයාර් වයිස් මාෂල් කපිල ජයම්පති මහතා එයාර් මාෂල තනතුරට පත්කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපති වශයෙන් පත්කර තිබෙනවා. කැඩෙට් නිලධාරියෙකු ලෙස 1982 වසරේදී ගුවන් හමුදා දිවිය ආරම්භ කර ඇති කපිල ජයම්පති මහතා 1985 වසරේදී අධිකාරියට පත්ව තිබෙනවා.

වසර 36ක හමුදා දිවියේදී වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම පදක්කම, රණ සේවා පදක්කම යන හමුදා ක්ෂේත්‍රයේ ඉහළම පදක්කම් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා. ඔහු කොළඹ නාලන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකුද වෙනවා.

හිටපු ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල මහතාද කොළඹ නාලන්දා විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වෙයි.