පෙම්වතියට 28 පාරක් පිහියෙන් ඇන්න නරුමයා



ආදරය ලැබුණු තැනදී මල් යහනාවක් වගේ වුනත් නොලැබුණොත් කෙලවර වෙන්නේ ලේ ගංගාවකින්. මේත් ඒ වගේ කතාවක්. සිද්ධිය වෙලා තියෙන්න ඉන්දියාවේ දිල්ලි නගරයේ. තරුණයෙක් තමන්ගේ හිත ගත්ත පෙම්වතියගෙන් ආදරේ ඉල්ලගෙන ඇයගේ පස්සේ යන්න පුරුදුවෙලා හිටියා. ඒත් මේ තරුණිය නම් වැඩේට එච්චර කැමැත්තක් දක්වලා තිබුණේ නෑ.

ඒ හින්දම ඇය මේ ගැන ගෙදර අයට කියලා කරදරෙන් නිදහස් වෙන්න තීරණය කලා. ගෙදර අය නතර වුණේ පොලිසි ගිහින්. තරුණයාට පොලිසියෙන් අවවාද ලැබුණා. ඔහුත් නිදහස් වෙලා එළියට ආවා. ඒත් පණ වගේ ආදරේ කරන්න හිතාගෙන හිටපු පෙම්වතිය ගැන ඔහුට හිතේ ලොකු වෛරයක් ඇතිවුණා.

ඒ ලැබුණු වේදනාවට ඔහු පලිය ගන්න තීරණය කලේ ඇයව මරලා දාලා. දවසක් තරුණිය වෙනදා වගේම පාර දිගේ ඇවිදගෙන ආවා. තරුණයත් ඇය ලඟින්ම ඇවිදගෙන ඇවිත් තියුණු ආයුධයක් අරගෙන හිතක් පපුවක් නැතිව පෙම්වතියට ඇණගෙන ඇණගෙන ගියා.