සාමාන්‍ය පෙළ දෙසැම්බර් 06දා සිට

මෙවර අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 06 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව නව නිර්දේශය යටතේ අයැදුම්කරුවන් තුන්ලක්ෂ තිස්හතර දහස් හත්සිය අසූ එකක් සහ පැරණි නිර්දේශය යටතේ තුන්ලක්ෂ අසූ එක් දහස් එකසිය අසූ හතරක් මෙවර සාමාන්‍ය පෙළ සඳහා අයැදුම්කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව අයැදුම් කර ඇති මුළු ශිෂ්‍ය සංඛ්‍යාව හත් ලක්ෂ පහළොස් දහස් නවසිය හැටපහකි.

එමෙන්ම පසුගිය වසරට වඩා සිසුන් පනස් එක්දහස් දෙසිය පනහක් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම් කර ඇතැයිද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන පන්දහසකට ආසන්න ප්‍රමාණයකදී විභාග කටයුතු ආරම්භ කෙරෙන අතර ඒ සඳහා නිලධාරීන් හතළිස් දහසක් යෙදවීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම විභාග කාලසටහන www.doenets.lk වබේ අඩවිය වෙත පිවිසීමෙන් ලබාගත හැකි බවද පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සුජිත් කෝනාර