චන්ද්‍රිකාගේ චෝදනාවට ගෝඨාගෙන් සැර පිළිතුරක්! (VIDEO)

යුද්ධය සඳහා ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුකර ඇති බවට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශයට හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රතිචාර දක්වා තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපියේ දැක්වෙන්නේ තමන්ගේ කාලයේදී යුධ උපකරණ මිලදී ගැනීමේදී උපරිම පාරද්‍රෘශ්‍යභාවය ආරක්ෂා කළ බවයි.

අදාළ යානා ගෙන්වීමේදී මූල්‍ය අක්‍රමිකතාවයක් මෙන්ම ඒවා කිසිවක් ශ‍්‍රී ලංකාවට ගෙන ඒමේදී කඩා නොවැටුණු බවත් මෙම යානා ශ‍්‍රී ලංකාවට රැගෙන ආවේ කොටස් වශයෙන් ගලවා භාණ්ඩ ප‍්‍රවාහන යානා මගින් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අදාළ ගනුදෙනුවේදී මිග් යානා මිලදී ගත්තේ ගුවන් හමුදාවේ පූර්ණ යෝග්‍යතා පරීක්ෂණයකින් පසුව යුක්රේන රාජ්‍ය සමාගමකින් බවද තමා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන සමයේදී කිසිඳු පාර්ශ්වයකට කිසිඳු අයුරකින් දූෂණයක් හෝ අවභාවිතයක් කිරීමට නොහැකි වන පරිදි කටයුතු කළ බවද ඒ මහතා පෙන්වා දෙයි.

මේ නිසා හිටපු ජනපතිනිය විසින් එල්ල කළ චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ඒ මහතා සිය නිවේදනය මඟින් අවධාරණය කර ඇත.

එම වීඩියෝව පහතින්,