යෝශිතට එරෙහි FCID චෝදනා ගොන්න මෙන්න

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මේවන විට මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය මුදල් අවභාවිතා කළ බවට වන සිද්ධි 08ක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබයි.

මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ ලිපිගොනු අංක FCID 17/15 යටතේ මේ පරීක්ෂණ සිදුකරනු ලබයි.

එසේ යෝෂිත සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන්නේ පහත කරුණු සම්බන්ධයෙනි.

• අංක 173/2 මිහිඳු මාවත, දෙහිවල, දකුණ යන ස්ථානයේ පර්චස් 27.6 ක ඉඩම කොටසක් මිලදී ගැනීම (මෙහි මහල් 04ක විශාල නිවසක් ඉදිකර ඇත. වටිනාකම – රුපියල් ලක්ෂ 490.2 කි. (ගොඩනැගිල්ල සම්බන්ධයෙන් තක්සේරු ලබාගෙන නැත)

• සිරිබෝපුර කැලය (හම්බන්තොට) ඔප්පු අංක 4129 ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 0.05 (සීඑස්එන් නාලිකාව නමින් මේ දේපල ඇත. ) වටිනාකම – රුපියල් ලක්ෂ 16 කි.

• සිරිබෝපුර කැලය (හම්බන්තොට) ඔප්පු අංක 4130 ඉඩම් ප්‍රමාණය හෙක්. 0.05 (සීඑස්එන් නාලිකාව නමින් ඇති දේපලකි) වටිනාකම – රුපියල් ලක්ෂ 16 කි.

• සිරිබෝපුර කැලය (හම්බන්තොට) ඔප්පු අංක 4132 ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 0.051 (සීඑස්එන් නාලිකාව නමින් ඇති දේපලකි
වටිනාකම – රුපියල් ලක්ෂ 16 කි.

• ඕබී රථය (ජංගම විකාශන රථය සී.එස්.එන් නාලිකාව ) අංක 236/01 කොබ්බෑකඩුව මාවත. වියදම රුපියල් ලක්ෂ 800 කි.

• බත්තරමුල්ල ලිපිනයේ පිහිටි සීඑස්එන් නාලිකාව පිහිටි ගොඩනැගිල්ල ඉදිකිරීම (මෙම ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය මගින් වසර 33ක බදු බදනම මත 1998 අංක 23 දරණ රාජපක්ෂ පදනම වෙත පවරා දුන් ඉඩමකි.) වටිනාකම – රුපියල් ලක්ෂ 2000 කි. (මේ මුදල් ප්‍රමාණය ගැන පවසා ඇත්තේ ඉදිකිරීම් සමාගම වන නව ලෝක ආයතනයෙන් ලබාදෙන ලද එකක් වන අතර තක්සේරු වාර්තාව ව්‍යාජය.)

• අංක පීවී 77114 යටතේ සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි කර ඇති 236/1 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල ලිපිනයේ පිහිටි කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය සතු සියලුම චංචල හා නිශ්චල දේපල හා විකාශන කටයුතු සඳහා භාවිතා කරන සංඛ්‍යාත. වටිනාකම – රුපියල් ලක්ෂ 2350 කි.

• නීතිඥ හා ප්‍රසිද්ධ නොතාරිස් බී.එස්.ඩී.පී.පෙරේරා විසින් ලියා සහතික කරන ලද ඔප්පු අංක 2285 දරණ අංක 219/01 ඒ, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ ලිපිනයේ පිහිටි ඉඩම හා ගොඩනැගිල්ල. වටිනාකම – රුපියල් ලක්ෂ 1380 කි.

මූලාශ්‍රය - යුක්තිය