යෝෂිතට FCIDයට එන්න කියලා

ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි ඉඩමක් රුපියල් මිලියන පන්සිය ‍ෙදාළහකට මිලදී ගැනීමේදී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳව චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂට හා ඔහුගේ මිත්තණියට ලබන 25 වැනි දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (11දා) නියෝග කළාය.

සිද්ධියට අදාළ නඩුව ගල්කිස්ස අධිකරණයේ ඊයේ කැඳවූ අවස්ථාවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක වීරවර්ධන සහ තුසිත සිල්වා කරුණු දක්වමින් සැකකාර යෝෂිත රාජපක්ෂ විසින් මිලදී ගෙන ඇති ඉඩම් හතරක පිඹුරුපත් ලබා දෙන ලෙස ගංගොඩවිල, දෙල්කඳ පිහිටි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝගයක් කරන ලෙසත් මිහිඳු මාවතේ ඇති ඉඩමේ ඔප්පුවල මුල් පිටපත් රැගෙන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට එන ලෙසත් නියෝගයක් කරන්නැයි ඉල්ලා සිටියේය.

මේ අවස්ථාවේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන සම්පත් මෙන්ඩිස්, වරුණ ජයසිංහ, ගීත්ම ප්‍රනාන්දු කරුණු දක්වමින් මේ පළමුවැනි සැකකාරිය වයස අවුරුදු හැට දෙකක කාන්තාවක් බවත් ඇයට ඇගේ නීතිවේදියකු මාර්ගයෙන් එහි යෑමට අධිකරණයෙන් පෙරදී ලබා දී ඇති නියෝගය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම අනුව නීතිඥයකු මාර්ගයෙන් පෙනී සිටීමට අවසර ලබා දෙමින් ලබන සැප්තැම්බර් 15දා දක්වා නඩු විභාගය කල් තබන ලදී.