නාමල්ගේ ගුවන් සේවිකාව රිමාන්ඩ්

ගවර්ස් කෝපරේෂන් හි අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කළ නිත්‍යා සේනානි සමරනායක අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කරනු ලදුව අගෝස්තු 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

පසුගිය රජය සමයේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක ලෙස කටයුතු කරමින් සිටියදී ඇය මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ කටයුතු සඳහා නිදහස් කර තිබිණි.

එසේ සිටියදී ඇය නාමල් රාජපක්ෂට අයත් ගවර්ස් කෝපරේෂන්හි අධ්‍යක්ෂිකාවක ලෙස ද කටයුතු කර තිබේ.

රු. මිලියන 45ක මුදලක් රජයට පාඩු කිරීම මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති නාමල් රාජපක්ෂට අදාළ නඩුවට සම්බන්ධයෙන්ම ඇයට ද චෝදනා එල්ලව ඇත.

අදාළ සමාගමේ තවත් අධ්‍යක්ෂකවරියක වූ, ජනක බෝගොල්ලාගමගේ දියණිය වන සුජානි බෝගොල්ලාගම ද අද දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

එහෙත් ඇය රෝහල්ගතව පසුවන බව ඇයගේ නීතිඥයින් අධිකරණයට දැනුම් දුන්නේය.