යුධ හමුදාපතිට තවත් වසරක සේවා දිගුවක්

ජනාධිපතිවරයා විසින් වත්මන් යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාට තවත් වසරක සේවා දිගුවක් ලබාදී ඇත.

ඔහුගේ සේවා කාලය අගෝස්තු මස 21දා අවසන්වීමට නියමිතව තිබුන අතර ඒ අනුව ජනාධිපතිවරයා විසින් 22 දා සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසරක සේවා කාලයක් ඔහුට ලබාදී ඇතැයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසයි.