මහින්ද මැ‍ලේසියාවට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිව්දින සංචාරයක් සඳහා මැ‍ලේසියාවට යාමට නියමිතව ඇත. මේ හේතුවෙන් සැප්තැම්බර් මස 04 වැනිදා කුරුණෑගල පැවැත්වෙන සම්මේලනයට ඒ මහතා සහභාගි නොවන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ඒ මහින්ද රාජපක්ෂ මහතාට සැප්තැම්බර් මස 01දා සිට 04දා දක්වා පැවැත්වෙන ආසියානු දේශපාලන පක්ෂ සංවත්සරයේ ආරම්භක උත්සවයේ විශේෂ දේශනයක් පැවැත්වීමට ලැබුණු ආරාධනාවකට අනුවයි.

මෙම සංචාරය සඳහා ආරාධනා ලැබ ඇත්තේ පක්ෂ සංවත්සරයට ආරාධනා ලැබිමටත් පෙර බවද පැවැසේ.
මේ සංචාරය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ලොහාන් රත්වත්තේ මහතාද සහභාගිවීමට නියමිතය.