අක්‌කා නගාලට අතවර කළ සීයා අත්අඩංගුවට

එකම පවුලේ බාල වයස්‌කාර අක්‌කා නගෝ තිදෙනකුට ඔවුන්ගේ ලොකු තාත්තා විසින් ලිංගික අපයෝජනය සිදුකළ බවට දැරියන්ගේ මව විසින් අක්‌මීමන පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම අපයෝජනයන්ට ලක්‌වී ඇත්තේ වයස අවුරුදු 8,4, සහ අවුරුදු දෙකහමාරක සහෝදරියන් තිදෙනෙකි.

ඔවුන් සහ සැකකාර ඔවුන්ගේ ලොකුතාත්තා එකම ඉඩමේ නිවාස දෙකක පදිංචිව සිටින අතර දියනෑම සඳහා ලොකු තාත්තාගේ නිවසට යැම දැරියන් විසින් පුරුද්දක්‌ කරගෙන ඇත. එසේ ගිය විට ඔවුගේ නිවසේ කිසිවකු නොමැති අවස්‌ථාවල සැකකරු දැරියන් නිවස තුළට කැඳවා අපයෝජනය කර ඇති බව පොලිසිය පවසයි.

පසුගිය දිනක කුඩා දැරිය ලොකු තාත්තා තමාට කළ දෙයක්‌ ගැන තම මවට පවසා ඇත. එවිට අනෙක්‌ දෙදෙනාද පවසා ඇත්තේ මාස කිහිපයක්‌ තිස්‌සේ තමන්ට ලොකු තාත්තා ලිංගික හිරිහැර කළ බවය. පසුව මව විසින් සිද්ධිය පොලිසියට පැමිණිලි කර ඇත.

පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු සිව් දරු පියකුවන අතර ඔහුගේ පළමු බිරිය අතහැර දෙවන බිරියත් සමඟ සිටින බවය.

මේ වන විට සැකකරු ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇත. ගාල්ල සහකාර පොලිස්‌ අධිකාරි එල්.ආර්. කුමාරසිරි මහතාගේ උපදෙස්‌ පරිදි අක්‌මීමන පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක එම්. එම්. ඒ. පුෂ්පකුමාර මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ විසින් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‌ෂණ පවත්වා ගෙන යනු ලැබේ.