සධාතුක කරඬුව පළමුවරට බුරුම රාජාගේ කරපිටින්

ශ්‍රී දළදා මාලිගාවේ බුරුම රාජා හස්තියාට මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම වරට සධාතුක කරඬුව වැඩමකිරීමේ භාග්‍යය තෙවන කුඹල් පෙරහර වීදී සංචාරය කළ පෙරේදා (10) උදාවිය.

බුරුම රාජා හා මියන් රාජා මෙයට වසර 09 කට පෙර දළදා මාලිගාවට මියන්මාර් රජයෙන් පරිත්‍යාගයක් ලෙස හිමි වූ අතර එම ඇතුන් දෙදෙනා මෙතෙක් කළ පෙරහරේ ගමන්ගත්තේ සධාතුක කරඬුව වැඩමකරන්නා වූ හස්තිරාජයාගේ දෑලේ ඇතුන් ලෙසිනි.

මහනුවර ඇසල පෙරහරේ පස්වන කුඹල් පෙරහර අද (12) වීදී සංචාරය කරන අතර දළදා මාලිගාව අභියසින් රාත්‍රී 7.24 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ ගමන්ගෙන රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීමට නියමිතය.