මුල් ලිපිය සඟවා ෆොටෝ කොපියට ගිනි තියලා

ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් එවා තිබූ කැදවීම් ලිපිවලට ගිනි තබා විනාශ කරන බව පවසමින් කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු පිරිසක් පෙරේදා (3 ) පැවැති මාධ්‍ය හමුවේ දී ගිනි තබා ඇත්තේ එම ලිපිවල මුල් පිටපත්වලට නොව ඒවායේ ඡායා පිටපත්වලට බව අනාවරණය වෙයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බිහිවන නව පෙරමුණෙන් මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග නොකරන බව පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරුන්, උප සභාපතිවරුන් සහ මන්ත්‍රීවරු න් ඇතුඵ පිරිසක් පෙරේදා කුරුණෑගල දී පැවැති මාධ්‍ය හමුවක දී මෙම ලිපි ප්‍රසිද්ධියේ ගිනි තබා විනාශ කළහ. මන්ත්‍රීවරු න් ගිනි තැබූ ලිපිවල දැවී ඉතිරි වූ කොටස් පරීක්ෂා කිරීමේදි ඒවා මුල් පිටපත් නොව ඡායා පිටපත් බව දැකගගත හැකි විය.